බන්ධනාගාර බුද්ධි අංශ ගැන විශ්වාසනීයත්වයක් නැහැ - තලතා අතුකෝරළ

by Staff writer 28-07-2018 | 7:18 AM
COLOMBO (News 1st) - බන්ධනාගාර බුද්ධි අංශ පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නායකයින් හා පක්ෂයේ කෘත්‍යාධිකාරී කණ්ඩායම් එක්ව රත්නපුර නව නගරයේදී ඊයේ පැවැත්වූ රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළේ, බන්ධනාගාරය තුළ දුරකතන පහසුකම්, මත්ද්‍රව්‍ය වැනි දේ සම්බන්ධයෙන් ඇයට පැමිණිලි රාශියක් ලැබී ඇති බව ය. මෙවැනි වාතාවරණයක් තුළ බුද්ධි අංශයක් තිබීමෙන් තවදුරටත් ඵලක් සිදු නොවන බව ඇය වැඩිදුරටත් පැවසුවා ය. වැලිකඩ බන්ධනාගාර බුද්ධි අංශය විසුරුවා හැරීමට අධිකරණ අමාත්‍යවරිය පසුගියදා පියවර ගත්තා ය.