නකල්ස් ගැන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැහැ

නකල්ස් රක්ෂිතයේ පුද්ගලික ව්‍යාපාර ඇරඹීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැහැ - කබීර් හෂීම්

by Staff writer 28-07-2018 | 5:49 PM

COLOMBO (News 1st) - මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබ්ර් හෂිම් මහතා අද කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව නකල්ස් රක්ෂිතය පිළිබඳව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබදව මාධ්‍යයට අදහස් දැක්විය.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය - ඇමතිතුමා නකල්ස් රක්ෂිතය ගැන ඔබතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා පුද්ගලික ව්‍යාපාර අරඹන්න තමයි පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නෙ? මහා මාර්ග හා මර්ග සංවර්ධන අමාත්‍ය කබ්ර් හෂිම් මහතා
මම නම් දන්නෙ නෑ මම එහෙම කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරලත් නෑ කැබ්නට් පත්‍රිකාවක් දලා තිබුණා අපි පාඩු විදින රාජ්‍ය වැවිලි සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නසිප්ට් කියන වැඩපිළිවෙළ මත දේශීය ආයෝජකයන්ට ව්‍යාපෘති ආරම්භ කිරිමේ වැඩපිළිවෙලක් කිසිසේත් ඒක රක්ෂිතවල කරන්න අපි අනුමැතියක් දෙන්නෙ නෑ දෙන්න ඉල්ලත් නෑ
දේශීය හෝ විදේශීය ආයොජකයින්ට ව්‍යාපෘති ආරම්භ කිරීමට රක්ෂිතවල අනුමැතියක් ලබා නොදීමට නම් රක්ෂිතවල සීමා මායිම් දැන සිටිය යුතුයි. ඒසේ නොමැතිනම් රක්ෂිතයෙන් බැහැර යැයි පවසමින් රක්ෂිතය තුළද ආයෝජකයින්ට ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේ හැකියාවක් තිබේ. මේ නිසා නකල්ස් රක්ෂිතයේ මායිම් පිළිබදව අප වන සංරක්ෂණ දේපාර්තමේන්තුවෙන් තොරතුරු විමසීමක් ක‍ළේය. පසුගිය මස 22 වැනිදා මේ පිළිබඳවතොරතුරු ඉල්ලා අප යෑවූ ලිපියට නැවත පිළිතුරු ලිපියක් අප වෙත ලැබෙන්නේ මේ මස 24 වැනිදායි. නමුත් එමගින් ද ඔවුන් දන්වා සිටින්නේ ඒ පිළිබඳව තොරතුරු ලබා දීමට අදාළ අංශ මෙතෙක් අපොහොසත්ව ඇති බැවින් අපගේ වීමසීම්වලට පිළිතුරු දීමට තවත් කල් අවශ්‍ය බව ය. මේ ආකාරයට තම දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතවල මායිම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද නොදන්නා විට අමාත්‍යවරයා ආයෝජකයින්ට රක්ෂිතවල ව්‍යාපෘති කිරීමට ඉඩ නොදෙනාවා කීම කොතරම් තාර්කිකද?