by Staff writer 28-07-2018 | 5:22 PM
COLOMBO (News 1st) - ජොන්දාරී සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ගුවන් ගමන් 377ක් අවලංගු කර ඇතැයි ජපන් බලධාරීන් පවසයි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සුළි කුණාටුව හේතුවෙන් බටහිර ජපානයට ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් උද්ගතව ඇති බව ය.
ඉදිරි පැය 24 තුළ හොන්ෂු දූපත් සහ ටෝකියා නුවරට මිලිමීටර 400 ක පමණ වර්ෂාපතනයක් පතිත විය හැකි බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවයි.
පසුගිය සතියේ ජපානයට බලපෑ මෙවැනිම තද වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයින් 200 කට අධික පිරිසක් මිය ගියේය.