අද රාත්‍රී 9 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය කැපේ

අද රාත්‍රී 9 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය කැපේ

by Staff writer 28-07-2018 | 1:43 PM
COLOMBO (News 1st) - අද රාත්‍රී 9.00 සිට හෙට උදෑසන 6.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් කිරීම මීට හේතුව යි. මේ යටතේ වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, කළුබෝවිල, නැදිමාල හා නුගේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව කොළඹ 05, රාජගිරිය, බණ්ඩාරනායකපුර, රෝයල් පාක්, ලේක් ගාඩින්ස් සහ මුල්ලේරියාව යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.