by Staff writer 28-07-2018 | 6:35 AM
COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා විදුලිය විසන්ධි කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
ඒ, පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙනි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ කොළඹ 3, 4, 5, 7 සහ කොළඹ 8 යන ප්‍රදේශවලට එලෙස විදුලිය විසන්ධි කරන බව ය.
ඒ අනුව කොළඹ 03 ගාලු පාර, පාසල් මාවත, පහළ බගතලේ පාර, බගතලේ පාර ඇතුළු ප්‍රදේශ කොළඹ 04 ගාලු පාර, ඉන්ද්‍රා මාවත, ආර් ඒ ද මෙල් මාවත, බෞද්ධාලෝක මාවත ඇතුළු ප්‍රදේශවල විදුලිය විසන්ධි වීමට නියමිත ය.
කොළඹ 05 ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීම් සිදු වන්නේ තිඹිරිගස්යාය පාර, කිරුළ පාර, කැප්පෙටිපොළ මාවත ඇතුළු ප්‍රදේශවලට ය.
කොළඹ 07 ටොරින්ටන් මාවත, මිට්ලන්ඩ් පෙදෙස, විජේරාම මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ද විදුලිය විසන්ධි වේ.