මීගමුව බන්ධනාගාරයෙන් මත්ද්‍රව්‍ය ජවාරමක තොරතුරු

මීගමුව බන්ධනාගාරයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරමක තොරතුරු හෙළිවෙයි

by Staff writer 27-07-2018 | 6:48 PM

COLOMBO (News 1st) - මීගමුව බන්ධනාගාරය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරමක තොරතුරු අනාවරණ වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, රැඳවියන් විසින් පිටත පුද්ගලයින්ට දුරකතන ඇමතුම් ලබා දෙමින් අදාළ ජවාරම සිදුකර ඇති බව ය. රැඳවියන් ලබාදුන් දුරකතන ඇමතුම්වලින් හෙළි වූ කරුණු මත, සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 52ක් පොලීසිය භාරයට ගෙන තිබේ. අදාළ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. මේ අතර, අප කළ විමසීමකදී පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මෙවැනි ජවාරම් දිවයිනේ බන්ධනාගාර කිහිපයක සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව ය. එම ජවාරම් මැඩලීම සඳහා සහ ඊට සම්බන්ධ පාර්ශව නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.