මාස 6ක් තුළ මත්ද්‍රව්‍ය සමග 48129 දෙනෙකු කොටුවෙයි

මාස 6ක් තුළ මත්ද්‍රව්‍ය සමග 48129 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 27-07-2018 | 2:50 PM

COLOMBO (News 1st) - වසරේ ගතවූ කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 48,129 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතර විදේශිය ජාතිකයින් 22 දෙනෙකු ද සිටින බව ය. ඔවුන් ඉන්දියානු, පකිස්ථාන, නයිජීරියානු, නේපාල, මාලදිවයින, බොලිවියානු සහ ජර්මන් ජාතිකයින් වේ. හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පිරිස 19,441කි. ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 173යි ග්‍රෑම් 319ක් සොයාගෙන තිබේ. ගංජා කිලෝග්‍රෑම් 2975 යි ග්‍රෑම්434 ක් සමග පුද්ගලයින් 28,688 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් වැඩි පිරිසක් තව දුරට ත් බන්ධනාගාරගතව පසුවේ.