by Staff writer 27-07-2018 | 6:27 PM
COLOMBO (News 1st) - මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පාලන හිමිකාරීත්වය ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරියට ලබා ගැනීම සඳහා සළකා බැලීමේ යෝජනාවක් නැතැයි ඉන්දීය රජය පවසයි.
ඊයේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා මහතා මේ බව ප්‍රකාශ කළේය.
මත්තල ගුවන්තොටුපොළ අත්පත් කර ගැනීම සඳහා ඉන්දීය රජයට අයත් ගුවන්තොටුපොළ අධිකාරියට සැලැස්මක් ඇත්දැයි භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීනි පූනම් මහජන් මහත්මිය ඊයේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා ය.
ඊට පිළිතුරු දෙමින්, ඉන්දීය සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා ප්‍රකාශ කළේ, එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බව ය.
මේ අවස්ථාවේ එවැනි යෝජනාවක් සැළකිල්ලට ගෙන නැතැයි ද ඔහු වැඩි දුරට ත් අවධාරණය කළේය.
මත්තල පියාසර පුහුණු පාසලක් සහ ගුවන් යානා නඩත්තු වැඩපොළක් ඉදිකරන්නේ දැයි නැගූ ප්රශ්නය ද ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.