පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 3,325ක් අත්අඩංගුවට

දිවයින පුරා පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 3,325ක් අත්අඩංගුවට

by Staff writer 27-07-2018 | 3:13 PM

COLOMBO (News 1st) - දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 948 දෙනෙකු ඇතුළු සැකකරුවන් 3,325 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ නියෝග මත ඊයේ රාත්‍රී 9 සිට අද පෙරවරු 8 දක්වා මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ය. එහිදී රථවාහන නීති උල්ලංඝනය කළ රියැදුරන් 5,808 දෙනෙකුට එරෙහිවද නඩු පවරා තිබේ. ඒ, අතර සිටින බීමත් රියැදුරන් සංඛ්‍යාව 541 කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 938 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව ය.