තේ ඉඩම්වල පොල් වගාව ප්‍රවර්ධනයට පියවර

තේ ඉඩම්වල පොල් වගාව ප්‍රවර්ධනයට පියවර

by Staff writer 27-07-2018 | 11:27 AM
COLOMBO (News 1st) - තේ ඉඩම්වල පොල් වගාව ප්‍රවර්ධනය කෙරෙහි පොල් වගා කිරීමේ මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව පර්චස් 20 සිට අක්කරයක් දක්වා තේ ඉඩම්වල පොල් වගාවට ගොවීන් දිරි ගැන්වීමට නියමිත ය. තේ වගාවට හානියක් නොවන ලෙස හිස් භූමිවල පොල් වගාවට පියවර ගෙන ඇති අතර අක්කරයක තේ වගාවට පොල් පැළ 20ක උපරිමයක් ලෙස පැළ ලබා දෙනු ඇති. පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළේ දේශීය පොල් ඵලදාව ඉහළ නැංවීම මෙහි අරමුණ බව ය.