by Staff writer 27-07-2018 | 3:04 PM
COLOMBO (News 1st) - ගතවූ පැය 24 තුළ පොළොන්නරුවට වාර්තාගත උෂ්ණත්වයක් සටහන් වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පොළොන්නරුවෙන් සෙල්සියස් අංශක 36.7 ක උෂ්ණත්වයක් වාර්තා වූ බව ය.
ගතවූ පැය 24 තුළ අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 14 වාර්තා වී තිබුණේ නුවරඑළිය ප්‍රදේශයෙනි.
මේ අතර ගතවූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය, නුවරඑළිය නෝටන් ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අගය සටහන් වන්නේ මිලිමීටර 41.9 ක් ලෙස ය.