කුවෙට් යුවලකගෙන් රේගු නිලධාරීන්ට ප්‍රහාරයක්

කටුනායකදී කුවෙට් යුවලකගෙන් රේගු නිලධාරීන් පස් දෙනෙකුට ප්‍රහාරයක්

by Staff writer 27-07-2018 | 5:30 PM

COLOMBO (News 1st) - කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් පස්දෙනෙකුට පහර දුන් කුවෙට් ජාතික යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඔවුන් රැගෙන ආ සුනඛයෙකු මෙරටට රැගෙනඒම සඳහා බලපවත්නා නීතිය පිළිබඳව රේගු නිලධාරීන් කළ පැහැදිලි කිරිමකින් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බව ය. සැකකාර යුවල සුනඛයා ද රැගෙන බලහත්කාරයෙන් ගුවන් තොටුපොළ රේගු ද්වාරයෙන් පිටවීමට තැන් කිරිමේදී ඔවුන් අල්ලා ගැනීමට තැත් කිරීමේදී මෙම පහරදීම සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, පහරදීමෙන් තුවාල ලැබු රේගු නිලධාරිනියක් සහ නිලධාරීන් 4 දෙනෙකු මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. පහරදීම සිදුකළ 29 හැවිරිදි කුවෙට් ජාතිකයා සහ 32 හැවිරිදි කුවෙට් කාන්තාව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය.