ගෙවුණු දවස උණුසුම් කළ පුවත්..

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්..

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්..

කර්තෘ Sakila Udayakumara

27 Jul, 2018 | 6:59 am

COLOMBO (News 1st)

1. පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදේශගත වූ විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගෙන් බහුතරයක් නැවත මෙරටට පැමිණ නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2. කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කාලය තුළ කඩින් කඩ විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය දැනුම් දෙයි.

3. වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය ඊයේ පස්වරුවේ විසුරුවා හැරිණි.

4. පරිසර විෂය ද තමා යටතට පවරා ගත්තේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශිර්වාද හිමි වීම වැළැක්වීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

විදෙස් පුවත්

5. පකිස්ථාන මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ජයග්‍රහණය කර තිබේ.

ක්‍රීඩා පුවත්

6. අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය ඊයේ ආරම්භ විය.