විදෙස්ගත විශ්වවිද්‍යාල අචාර්යවරුන් යළි මෙරටට නොපැමිණීමෙන් කෝටි ගණනක පාඩුවක්

by Staff writer 26-07-2018 | 7:47 AM

COLOMBO (News 1st) - පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදේශගත වූ විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගෙන් බහුතරයක් නැවත මෙරටට පැමිණ නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේ, පශ්චාත් උපාධි හදාරන එක් ආචාර්යවරයෙකු සඳහා රජය රුපියල් ලක්ෂ 60 ක් පමණ වැය කරන බවයි. ඊට අමතරව අධ්‍යාපනය හදාරන කාලය තුළ වැටුප් ලබාදෙන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය. පශ්චාත් උපාධි හැදෑරූ ආචාර්යවරුන් නැවත දිවයිනට නොපැමිණීම හේතුවෙන් වසරකට රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බව ද ලේකම්වරයා පෙන්වා දෙයි. ඔහු සඳහන් කළේ, මේ හේතු සලකා බලා පශ්චාත් උපාධි හැදෑරිමෙන් පසුව නැවත මෙරටට පැමිණ නොමැති අචාර්යවරුන්ගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව ඇපකරුවන්ගෙන් හෝ එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.