වනෝද්‍යාන තුළට ගවයින් ඇතුල් කිරීමට ගොවීන්ට අවසර

වනෝද්‍යාන තුළට ගවයින් ඇතුල් කිරීමට කිරි ගොවීන්ට අවසර

by Staff writer 26-07-2018 | 11:03 AM

COLOMBO (News 1st) - වනෝද්‍යාන තුළට තවදුරටත් ගවයින් ඇතුල් කිරීම සඳහා අවසර ලබාදීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ, කිරි ගොවීන් කළ ඉල්ලීම් රැසක් සලකා බැලීමෙන් අනතුරවයි. වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පසුගිය දා විශේෂ සාක්ච්ඡාවක් ද පැවැත් විය. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ, කෙසේ වෙතත් වනෝද්‍යාන තුළට ගවයින් ඇතුළු කිරීම ක්‍රමයෙන් අඩු කිරීම සඳහා පියවර ගන්නා බවයි. ඒ පිළිබඳව කිරි ගොවීන් දැනුවත් කර ඇති බව ද ඔහු පැවසුවේ ය. ගවයින් වනෝද්‍යාන තුළට ඇතුල් කිරීමෙන් වනජීවින්ට හා වනෝද්‍යානවල පරිසර පද්ධතියේ සමතුලිත භාවයට ගැටළු රැසක් පැනනැගී ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබේ. විශේෂයෙන් ගවයින්ට වැලදී ඇති කුර රෝග අලින්ට ද වැලදීමේ අවදානම ඒ අතුරින් ප්‍රමුඛ ය.