by Sagarika Chathumali 26-07-2018 | 8:17 PM
COLOMBO (News 1st) :
කොළඹ ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කාලය තුළ කඩින් කඩ විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය දැනුම් දෙයි.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට කොළඹ 03, කොළඹ 04, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 යන ප්‍රදේශවලට විදුලිය සැපයුම අත්හිටුවන බවයි.
කොළඹ 03: ගාලු පාර, පාසල් මාවත, පහල බගතලේ පාර, බගතලේ පාර ඇතළු ප්‍රදේශ රැසකට
කොළඹ 04 : ගාලු පාර, ඉන්ද්‍රා මාවත, ආර් ඒ ද මෙල් මාවත, බෞද්ධාලෝක මාවත, දුම්රියපල පාර, ආතර්ස් පෙදෙස, ජාවත්ත ඇතුළු ප්‍රදේශ රැසකට..
කොළඹ 05 : විදුලිය විසන්ධි කිරීම් සිදුවන්නේ තිඹිරිගස්යාය පාර, කිරුළ පාර, චිත්‍රා පටුමග, සිරිපා පාර, කැප්පෙටිපොල මාවත ඇතුළු ප්‍රදේශවලට
කොළඹ 07 : ටොරින්ටන් මාවත, මිට්ලන්ඩ් පෙදෙස, විජේරාම මාවත, විද්‍යා මාවත, බෞද්ධාලෝක මාවත , ස්ටැන්ලි විජේසුන්දර මාවත සහ මලලසේකර මාවතට
කොළඹ 08 : ඇල්විටිගල මාවත, කිතුල්වත්ත පාර, නාරාහේන්පිට පාර, මොඩල් ෆාම්, ගජබා පාර, බේස්ලයින් පාර, ඩි.එස් සේනානායක මාවත සහ ඩඩ්ලි සේනානායක මාවත යන ප්‍රදේශවලට
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ලබන 31 වන දා දක්වාද මෙම ප්‍රදේශවලට කඩින් කඩ විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකි බවයි.