යල කන්නයේ වී මිලදී ගැනීම ලබන 4 වන දා ඇරඹේ

යල කන්නයේ වී මිලදී ගැනීම ලබන 4 වන දා ඇරඹේ

by Staff writer 26-07-2018 | 3:40 PM
යල කන්නයේ වී මිල දී ගැනීම ලබන 4 වන දා ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේ, මෙවර යල කන්නයේ වී අලෙවි මණ්ඩලය මිල දී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසි දහසක් බවයි. අම්පාර දිස්ත්‍රික්කයේ ගොනාගොල්ල ප්‍රදේශයේ පිහිටි වී ගබඩාවෙන් මෙවර මිලදී ගැනීම් ආරම්භ කෙරෙන අතර නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 41 ක මිලට ගන්නා බව ඔහු සඳහන් කළේ ය. එම වී තොගවල තෙතමනය 14% අඩුවිය යුතු අතර බොල් ප්‍රතිශතය 9% ක් විය යුතු බව ද ඔහු කියා සිටියේ ය. වී අලෙවි මණ්ඩලය ගොවියෙකුගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000කි.