මහනුවර මහ රෝහලේ වකුගඩු රෝගීන්ට ඖෂධ හිඟයක්

by Staff writer 26-07-2018 | 11:20 AM

COLOMBO (News 1st) - මහනුවර මහ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත් ව තිබේ.

වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා පෙරිටෝනියල් ඩයලයිසිස් 1.5 සහ 2.5 යන ඖෂධ මෙන් ම මිනි කැප් නැමති ඖෂධය මේ වන විට රෝහල තුළ නොමැති බව රෝගීන් පැවසූහ.