පොළොන්නරුවේ ඇළක නාඳුනන මළ සිරුරක්

පොළොන්නරුවේ ඇළක නාඳුනන මළ සිරුරක්

by Staff writer 26-07-2018 | 3:14 PM
COLOMBO (News 1st) පොළොන්නරුව නිශ්ශංකමල්ල පෙදෙස අලුත්වැව පාර විශාකාරාම විහාරස්ථානය අසල ඇළක තිබී පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, 35 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද පෙරවරුවේ එලෙස සොයා ගත් බවයි. මියගිය පුද්ගලයාගේ අනන්‍යාතාවය මෙතෙක් හෙළි වී නොමැත. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුරු පොළොන්නරුව රෝහලට රැගෙන යාමට නියමිතයි.