දිවුලපිටිය සභාපතිට පහරදුන් බන්ධනාගාර නියාමකට ඇප

දිවුලපිටිය ප්‍රා. සභා සභාපතිට පහරදුන් බන්ධනාගාර නියාමකට ඇප

by Staff writer 26-07-2018 | 4:00 PM
COLOMBO (News 1st) ශ්‍රමදානයක් අතරතුර දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ ග්‍රාමෝදය මණ්ඩල සභාපතිවරයකු පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයකු ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ය. සැකකරු එලෙස මුදා හැරුණේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ඉකුත් 22 වන දා මෙම පහරදීම සිදුව ඇති අතර එහිදී ප්‍රාදේශීය සභා මෝටර් ග්‍රේටරයකට සැකකරු අලාභ හානි සිදු කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අද පෙරවරුවේ දිවුලපිටිය නගරයේ උද්ඝෝෂණයක් ද පැවතිණ. නඩුව ලබන 7 වන දා යළි කැඳවීමට නියමිතයි.