හෙරෝයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 12 ක් කොටුවෙති

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හෙරෝයින් ජාවාරමට සම්බන්ධ 12 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 26-07-2018 | 12:52 PM

COLOMBO (News 1st)  - හෙරෝයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු කොළඹ හා කතරගම ප්‍රදේශවල කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීම්වලිනි. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, ඊයේ රාත්‍රී කළ මෙහෙයුම්වලින් කතරගම ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. සෙසු සැකකරුන් සිව්දෙනා ග්‍රෑන්ඩ්පාස් තොටළඟ හා මට්ටක්කුලිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව ඔහු පැවසුවේ ය. මේ අතර පොලීසිය කළ මෙහෙයුම්වලින් හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් පස්දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසය සඳහන් කළේ, ග්‍රෑන්ඩ්පාස්, මොරගහහේන, කෙසෙල්වත්ත හා හොරණ පොලිස් බල ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සතුව තිබි සොයා ගත් හෙරෝයින් ප්‍රමාණය ග්‍රෑම් 177 කි. හොරණ දික්හේන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් ගෝඩා ග්‍රෑම් 11080 ක් පොලීසිය විසින් විනාශ කර තිබේ.