by Sagarika Chathumali 26-07-2018 | 6:10 PM
පකිස්ථාන මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ජයග්‍රහණය කර තිබේ.
තරීක් එ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉමරාන් ඛාන් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පවසා ඇත්තේ, සිය පක්ෂය සාර්ථක වූ බවත් මේ වනවිට ජනවරම දිනා ගෙන ඇති බවත් ය.
කෙසේ වෙතත් ආණ්ඩුව පිහිටුවීම සඳහා PTI පක්ෂයට හවුල්කාර පක්ෂ එක්කර ගැනීමට සිදුවනු ඇති.
මෙවර පකිස්ථාන මැතිවරණ ව්‍යාපාරය ද ප්‍රචණ්ඩක්‍රියාවලින් අඩු නොවූ අතර මැතිවරණය පැවති දිනයේ ඡන්ද පොළක සිදුවූ මාරගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 31 දෙනකුට ද ජීවිත අහිමිවිය.
මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි මිලියන 106 කට ආසන්න ඡන්ද දායකයන්ගෙන් 50% – 55% ත් අතර පිරිසක් පමණක් ඡන්දය භාවිත කළ බව ද පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ය.