HND සිසුන්ට කොළඹදී කදුළු ගෑස් හා ජල ප්‍රහාර

HND සිසුන්ට කොළඹදී කදුළු ගෑස් හා ජල ප්‍රහාර

by Staff writer 25-07-2018 | 3:41 PM
COLOMBO (News 1st) අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවක් විසුරවා හැරීමට පොලීසිය කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ ය. ඔවුන් එම විරෝධතාව ආරම්භ කළේ, මහාපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 1500 සිට රුපියල් 5000 දක්වා වැඩිකර දෙන ලෙස ඉල්ලා සහ සහ ආචාර්ය හිඟයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමිනි. පුංචි බොරැල්ල කැම්බල් පිටියෙන් අද පස්වරුවේ ඔවුන් ආරම්භ කළ පා ගමන මරදාන හරහා පිටකොටුවට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණ. අප වාර්තාකරු පැවසුවේ, එහිදී පොලීසිය ලෝටස් මාර්ගය වසා දමමින් සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිම අවහිර කළ බවයි. එහිදී සිසුන් එම පොලිස් මාර්ග බාධක බිඳ දැමීමට ක්‍රියා කිරීමත් සමග පොලීසිය සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ ය. මෙහිදී සිසුන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, එක් සිසුවෙකුට කදුළු ගෑස් උණ්ඩයක් වැදීමෙන් තුවාල සිදුවී රෝහල්ගත කර ඇති බවයි.