සරසවි කඩඉම් ලකුණු මේ සතිය තුළ

සරසවි කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කිරීමට සැලසුම්

by Staff writer 25-07-2018 | 11:20 AM

COLOMBO (News 1st) - මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

එහි නිලධාරියෙකු සඳහන් කළේ, 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත කඩඉම් ලකුණු නිකුත් කරන බවයි. පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිත සිසුන් සංඛ්‍යාව 25,000 කට අධිකයි. ඒ සඳහා අයැදුම්පත් 50,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.