වේලායුධය රැගත් රිය පෙරහැර අද කතරගම පුදබිමට

වේලායුධය රැගත් රිය පෙරහැර අද කතරගම පුදබිමට

by Staff writer 25-07-2018 | 7:08 AM

COLOMBO (News 1st) - ආඩිවේල් ශක්තිවේල් මංගල්‍ය වෙනුවෙන් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට වැඩම කර වූ වේලායුධය රැගත් රිය පෙරහැර අද රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත වේ.

යාපනය ඓතිහාසික සෙල්වසන්නිධි කෝවිලේ සිට වැඩම කෙරුණු වේලායුධය සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයේ සිට පෙරේදා කතරගම පූජා භූමිය බලා ගමන් ආරම්භ කළේ විචිත්‍රවත් පෙරහැරකිනි.