රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සත්‍යග්‍රහයක

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සත්‍යග්‍රහයක

by Staff writer 25-07-2018 | 11:41 AM

COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය තලවතුගොඩ පිහිටි ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉදිරිපිට මේ වනවිට සත්‍යග්‍රහයක නිරත වේ.

ඒ, සම්මුඛ පරීක්ෂණ පවත්වා ළමාරක්ෂක අධිකාරියේ ළමා සංවර්ධන නිලධාරීන් ලෙස තෝරාගත් උපාධිධාරීන් පිරිසකට මෙතෙක් පත්වීම් ලබා නොදීමට විරෝධය පළ කරමිනි. රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් සඳහන් කළේ, මාස 7 ක් තිස්සේ මෙම පත්වීම් ලබාදීම ප්‍රමාද කර ඇති බවයි. එම පුරප්පාඩු සඳහා දේශපාලන හිතවත්කම් මත පිරිසක් පත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද උන්වහන්සේ පැවසීය.