මුහුද අවට සුළං වේගය ඉහළට

මුහුද අවට සුළං වේගය ඉහළ යාමේ අවදානමක්

by Staff writer 25-07-2018 | 6:57 AM

COLOMBO (News 1st) - මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය සඳහන් කළේ, මේ හේතුවෙන් මුහුදු රළ ඉහළ යන බවයි. මේ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.