by Staff writer 25-07-2018 | 7:38 AM
දැඩි ආරක්ෂාව මධ්‍යයේ නව රජයක් පත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පකිස්ථාන වැසියන් අද සිය ඡන්දය භාවිත කිරීමට නියමිත වේ.
පකිස්ථාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සහ පළාත් සභාවන් 4 ක් සඳහා සභිකයින් පත් කර ගැනීමට වන මැතිවරණය අද පැවැත්වෙනු ඇති.
පකිස්ථානය පුරා ඡන්ද මධ්‍යස්ථන 85,000කට අධික ප්‍රමාණයක, එරට වේලාවෙන් අද පෙරවරු 8.00 ට ඡන්දය භාවිත කිරීම ආරම්භවීමට සියලු කටයුතු සූදානම් බව සඳහන් ය.
මෙවර මැතිවරණයේදී, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් කාන් තරග වදින පී.ටී.අයි පක්ෂය, හිටපු අගමැති නවාස් ශරිෆ්ගේ පී.එම්.එල්.එන් පක්ෂය පරාජය කරනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයින් පවසති.
ඡන්ද මධයස්ථාන අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව විදෙස් වාර්තාන්හි සඳහන් වේ.
කෙසේ වෙතත් මානව අයිතිවාසිකම් කොමිසම පැවසූවේ, අද පැවැත්වෙන මැතිවරණයේදී මැතිවරණ අක්‍රමිකතා සිදුවීමේ වැඩි ප්‍රවණාතවක් ඇති බවයි.
අද පැවැත්වෙන මැතිවරණයෙන් ජාතික සභාවේ ආසන 272 ක් සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමට නියමිත අතර ඒ සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දයකයන් ගණන මිලියන 106 කි.
කාන්තා අපේක්ෂකයින් සංඛ්‍යාව 171 ක් වන අතර මැතිවරණ ආරක්ෂාව සඳහා ඇති මුළු සෙබලුන් ගණන 371,000 ක් වේ.