by Staff writer 25-07-2018 | 10:37 AM
COLOMBO (News 1st) - ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පවරා ගැනීමට තීරණය කර තිබේ.
ඒ, නාමල් උයන භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීමක් අනුවයි.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඒ අනුව නාමල් උයනේ පිහිටි රෝස තිරිවානා නිධිය ආරක්ෂා කරමින් ඒ තුළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.
නාමල් උයනේ පිහිටි රෝස තිරිවානා නිධිය දෙස් විදෙස් සංචාරයින්ගේ නොමද අවධානයට ලක් ව තිබෙන අතර එහි ඉතිහාසය ප්‍රාග්ඓතිහාසික යුගය දක්වා විහිදී යනු ඇත.
ඉහළ ජෛව විවිධත්වයකට උරුමකම් කියන නාමල් උයනේ පාරිසරික පද්ධතිය ඒ කෙරෙහි සංචාරක ආකර්ශනය වැඩිවීමට හේතු විණි.
1991 වසරේ සිට නාමල් උයන ආරක්ෂා කරමින් එය මේ දක්වා රැකබලා ගත්තේ පූජ්‍ය වනවාසි රාහුල හිමියන් විසින් ය.