ගුවන් සුරක්ෂිතතාව අතින් ලංකාව පළමු තැනට

ගුවන් සුරක්ෂිතතාව අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට

by Staff writer 25-07-2018 | 10:17 AM

COLOMBO (News 1st) - ගුවන් සුරක්ෂිතතාව අතින් මෙරට දකුණු ආසියාවේ පළමු තැන හිමිකර ගෙන තිබේ.

ඒ, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මේ වසරේ ජූනි මස 04 වන දා සිට 15 වන දා දක්වා පැවැත් වූ විගණනයකිනි. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ, කරුණු කිහිපයක් මත පදනම්ව මෙම විගණනය සිදු කළ බවයි. රටවල් 192 කින් සැදුම්ලත් සිවිල් ගුවන් සේවා සංවිධානය මෙවැනි තත්ත්වයකට ශ්‍රී ලංකාව ඔසවා තැබීමෙන් වාසි රැසක් අත්වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ය.