කෝටි 3ක රත්‍රං සමග කාන්තාවක රේගු භාරයට

කෝටි 3ක රත්‍රං සමග කාන්තාවක රේගු භාරයට

by Sagarika Chathumali 25-07-2018 | 5:20 PM
COLOMBO (News 1st) නීතිවිරෝධි ලෙස කුවෙට් සිට මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 3 ක් වටිනා රත්‍රං තොගයක් සමග සැකකාරියක කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු සහකාර අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, රත්‍රංවල බර කිලෝග්‍රෑම් 5.1 ක් වන බවයි. කාන්තාව 35 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි, මිනුවන්පිටිය මහතා සඳහන් කළේ ය.