කොටකෙතන ද්විත්ව ඝාතනයේ චූදිත 'බට්ටි' නිදහස්

කොටකෙතන ද්විත්ව ඝාතනයේ චූදිත 'බට්ටි' නිදහස්

by Staff writer 25-07-2018 | 2:07 PM

COLOMBO (News 1st) - රත්නපුර, කොටකෙතන ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක් සහ 17 හැවිරිදි ඇගේ දියණිය අමානුෂික ලෙස කපා කෙටා ඝාතනය කිරීමේ චෝදනාවෙන් අශෝකා චාන්දනී කුමාර හෙවත් බට්ටි නැමැත්තිය අද නිදොස් කොට නිදහස් කර තිබේ.

පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව ඇයට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකාරිය නිදොස් කර නිදහස් කිරීමට නියෝග කළේ ය. කෙසේ වෙතත් මෙහි පළමු විත්තිකරු වන අදාළ කාන්තාවගේ සැමියා වන ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තාට එරෙහි නඩුව ඉදිරියට පවත්ගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ. 2012 ජනවාරි මස 31 වන දා කොටකෙතන පන්සල පාරේ පිහිටි නිවෙසක් තුළ දී නයනා නිල්මිණි නැමති කාන්තාවක් සහ කාවින්දි චතුරංගනී සෙල්ලහේවා නැමති ඇගේ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාව යටතේ සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබුණි.