කුරුඳු මිල පහළට

කුරුඳු මිල පහළට

by Staff writer 25-07-2018 | 9:48 AM

COLOMBO (News 1st) - කුරුඳු මිල පහළ ගොස් තිබේ.

අප කළ විමසීමක දී ශ්‍රී ලංකා කුරුඳු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ඩී. එන්. සමරවීර මහතා සඳහන් කළේ, ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 3800 සිට රුපියල් 3300 ක් දක්වා පහළ ගොස් ඇති බවයි. ගොරෝසු කුරුඳු කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 1400 ක් දක්වා පහළ ගොස් ඇත. අධ්‍යක්ෂවරයා පැවසුවේ, ගොරෝසු කුරුඳු කිලෝග්‍රෑමයක් රුපියල් 1850 ක පමණ මිලක පැවති බවයි. මිල පහළ යාමට හේතු පිළිබඳව නිව්ස්ෆස්ට් කළ විමසිමකදී අධ්‍යක්ෂවරයා පැවසුවේ, විදේශ වෙළෙඳපළෙ ඉල්ලුම හා සැපයුමේ ඇතිවන වෙනස්වීම් හේතුවෙන් මිල පහළ ගොස් ඇති බවයි.