by Sagarika Chathumali 25-07-2018 | 10:36 PM
අඟහරු ග්‍රහයාගේ දකුණු අර්ධගෝලය ආශ්‍රිතව ජලය සහිත විලක් සොයාගත් බව ඉතාලි අභ්‍යාවකාශ නියෝජිත ආයතනය පවසයි.
ඉතාලි විද්‍යාඥයින් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් අභ්‍යකාශගත කර ඇති අගහරු ගවේෂණ යානයේ රේඩාර් දත්ත උපයෝගී කර ගනිමිනි.
එහිදී අනාවරණය වී ඇත්තේ පෘථවියෙන් ග්‍රීන්ලන්තය හා ඇන්ටාක්ටිකාවේ භූගතව ඇති විල්වලට සමාන සැතපුම් දොලහ හමාරක පමණ ජලය සහිත තීරයක් අගහරු ග්‍රහයාගේ දකුණු අර්ධගෝලයේ පවතින බවයි.
මීට පෙරද වාර්තා පළ වී තිබුණේ අගහරු ග්‍රහයාගේ ජලය පැවතිය හැකි බවටයි.
එහෙත් මේ දක්වාම ඒ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී නොතිබිණ.