ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළිදැක්වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළිදැක්වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළිදැක්වෙයි

කර්තෘ Staff writer

25 Jul, 2018 | 8:00 am

2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.

මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 6 කි.

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 15 වන දා ආරම්භ වනු ඇති.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙනි.

මෙවර තරගාවලියට සුපිරි කණ්ඩායම් 6 ක් එක්වන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය සහ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් තේරීපත් වන රට ඊට ඇතුළත් ය.

සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා හොංකොං, නේපාලය, මැලේසියාව, ඕමානය, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වැදීමට නියමිත වේ.

ඉන් ජය ගන්නා කණ්ඩායම ලබන සැප්තැම්බර් 15 වන දා සිට 28 වන දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ A කාණ්ඩය සඳහා සුදුසුකම් ලබා ගනී.

A කාණ්ඩයේ සෙසු කණ්ඩායම් දෙක වන්නේ වත්මන් ආසියානු ශූරයින් වන ඉන්දියාව සහ පකිස්තානයයි.

B කාණ්ඩයට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය ඇතුළත් ය.

එම කාණ්ඩ දෙකෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිත වේ.

තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය එළඹෙන සැප්තැම්බර් මස 15 වන දා තරග බිමට පිවිසෙනු ඇති.