21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය පසළොස්වක පෝයදා

21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලබන පසළොස්වක පෝයදා

by Staff writer 24-07-2018 | 5:21 PM

21 වන ශතවර්ෂයේ මෙතෙක් වාර්තා වූ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලබන 27 වන පසළොස්වක පොහොය දිනයේ දිස්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තාවල දැක්වෙන්නේ, මෙම චන්ද්‍රග්‍රහණය පැය 1.45 ක කාලයක් පවතිනු ඇති බවයි. මෙහිදී රෙඩ් බ්ලඩ් මූන් හෙවත් චන්ද්‍රයා ඉතා තද රතු පැහැයෙන් දිස්වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මනා ලෙස චන්ද්‍රග්‍රහණය සිදුවන අවස්ථාවකදී සූර්යාලෝකය පතිතවීම හේතුවෙන් මෙලෙස චන්ද්‍රයා ඉතා තද රතු පැහැයෙන් දිස් වනු ඇති. උතුරු අමෙරිකාව හැර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, යුරෝපය, අප්‍රිකාව සහ ආසියාව ආදී සෙසු ලොව සෑම ප්‍රදේශයකටම මෙම චන්ද්‍රග්‍රහණය දිස්වනු ඇත.