තම්මැන්නාව ග්‍රාමීය රෝහල ගැන පරීක්ෂණයක්

හදිසි අනතුරු රෝගීන් තිදෙනෙකු භාර නොගත් තම්මැන්නාව රෝහල ගැන සෞඛ්‍ය ඇමති නියමයෙන් පරීක්ෂණයක්

by Staff writer 24-07-2018 | 4:58 PM

COLOMBO (News 1st) - හදිසි අනතුරකට ලක් ව තුවාල ලැබුවන් තිදෙනෙකු අනුරාධපුර තම්මැන්නාව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමට යෑමේදී වෛද්‍යවරයෙකු නොමැති බව පවසමින් ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් සති දෙකක් තුළ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි එහිදී අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත. තම්මැන්නාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබු එකම පවුලේ තිදෙනෙකු පසුගිය දා තම්මැන්නාව රෝහලට ඇතුළත් කිරීමට රැගෙන ගොස් තිබේ. පසුව අදාළ රොහ්ලේ වෛද්‍යවරයෙකු නොමැතිවීමෙන් තුවාලකරුවන් මිහින්තලය රෝහල වෙත රැගෙන යන අතරතුරදී පියා සහ දරුවා ජීවිතක්ෂයට පත් විය. තුවාල ලැබු මව තවදුරටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනු ඇති.