නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන සාකච්ඡාවක්

සුමන්දිරන් හා ජයම්පති අලුත් ව්‍යවස්ථාවකට මැදිහත්වීම් කරන්නේ කුමන අරමුණකින්ද?

by Staff writer 24-07-2018 | 9:51 PM

COLOMBO (News 1st) - නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විද්වත් කමිටුව අද යළි ත් රැස්වී තිබේ.

මේ වනවිට විද්වත් කමිටුව යෝජනා ඇතුලත් වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇත. සාමාජිකයින් 6 දෙනෙක් එක් වාර්තාවක් සකස් කර ඇති අතර තව ත් දෙදෙනෙකු වෙනම වාර්තාවක් සකස් කර තිබේ. මෙම වාර්තා සකස් කිරීමේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න යන මහත්වරුන් මේ සඳහා මැදිහත්වීම් සිදු කරන බවට මේ වනවිට අප්‍රසාදයට ලක් වී තිබේ. ස්වාධීනව තම කාර්යය ඉටුකිරීමට ඉඩදෙන්නැයි විද්වත් කමිටුව මේ වනවිටත් ඔවුන්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ. සුමන්දිරන් හා ජයම්පතී වික්‍රමරත්න මහත්වරුන් මෙවැනි කටයුතුවලට මැදිහත් වූ පළමු අවස්ථාව මෙය නොවේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමේදී ප්‍රධාන කාර්යයක් ඉටු කළේ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතායි. ජනාධිපතිවරයාගේ බලතළ කප්පාදු කිරීමට ඒ මගින් දැඩි ලෙස උනන්දු වූ මේ පුද්ගලයින් අගමැතිවරයා පහුසවෙන් ඉවත් කිරීමට පවා නොහැකි අයුරින් වගන්ති ඊට ඇතුලත් කළේ ය. මාධ්‍යවේදීන් සිරගත කිරීමට පවා ඉඩ සැලසෙන වගන්ති 19 ට ඇතුලත් කලත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිගමනය මත එය වැළැක් විණි. දැන් යළි ත් අලුත් ව්‍යවස්ථාවකට මේ පුද්ගලයින් මැදිහත්වීම් සිදු කරමින් සිටින්නේ කුමණ අරමුණකින් ද? එම්. ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා දෙමළ හා ඉංග්‍රීසි පිටපත් නැතැයි මතු කළ කරුණ නිසා බැඳුම්කර වංචාව ගැන තවමත් පාර්ලිමේන්තුවේ විවාද කිරීමට අවස්ථාවක් නොලැබී තිබේ. එපමණක් නොව සුමන්දීරන් මහතා නීතිඥවරයෙකු ලෙස බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා නැගුන මහ බැංකුවේ නිලධාරියෙකු වෙනුවෙන් ජනාධිපති කොමිසම හමුවේ පවා පෙනී සිටියේ ය. රටේ අනාගතය ගැන තීරණාත්මක කරුණක් වන අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වැනි කරුණකට කරන මේ මැදිහත්වීම් ගැන ජනතාව අවධියෙන්.