ස්වාධීන රූපවාහිනිය ප්‍රබල ඇමතිවරයෙකුට විකිණීමේ සැලැස්මක් - සුදර්මන් රදලියගොඩ

by Staff writer 24-07-2018 | 9:16 PM

COLOMBO (News 1st) - යුක්තියට හඬක් සංවිධානය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

යුක්තියට හඬක් සංවිධානයේ සංස්කාරක, සුදර්මන් රදලියගොඩ,
රේටීන්වලට නොම්බර එකට හිටපු ස්වාධීන රූපවාහිනිය අද නොම්බර් 06 ට 07 ට වැටිලා තියෙනවා. හැබැයි අපිට සැකයක් තියෙනවා ස්වාධීන රූපවාහිනය පැත්තෙන් ගත්තොත් ඇයි ස්වාධීන රූපවාහිනිය පාඩු ලබන්නේ අපි හම්බන්තොට වරාය ගත්තොත් පාඩුයි පාඩුයි කියලා චීන සමාගමකට අනු නව අවුරුද්දකට බද්දට විකුණුවා. දැන්න මත්තල ගුවන්තොටුපොළ පාඩුයි පාඩුයි කියලා ඉන්දියාවට විකුනන්න යනවා. මාධ්‍ය ආයතනයක් වෙච්ච ස්වාධීන රූපවාහිනියත් පාඩුයි පාඩුයි කියලා කාට හරි ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුට විකුණලා දායි ඒ සැලැස්මත් ක්‍රියාත්මක වෙනවා කියලා අපි වගකීමෙන් කියනවා