මහින්ද සහ සම්බන්ධන් කතා කළේ මොනවා ද?

මහින්ද සහ සම්බන්ධන් චීන ආරක්ෂක දින සැමරුමේදී කතා කළේ මොනවා ද?

by Staff writer 24-07-2018 | 7:34 PM

COLOMBO (News 1st) - චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක දින සැමරුම ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙනි.

කොළඹ ශ්‍රැන්ගිලා හෝටලයේ පැවති මෙම උත්සවයට සහභාගිවීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා යි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ උත්සවයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගි විය. හිටපු ජනාධිපතිවරයා උත්සවය ආරම්භවීමට පෙර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමග දීර්ඝ සාකච්ඡාවක නිරතව සිටියේ ය. උත්සවය ආරම්භයේ චීන ජාතික ගීය වාදනය කළ අතර ශ්‍රී ලංකාවේ ජාතික ගීය වාදනය කිරීම සිදුවූයේ ඉන් පසුවයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වි,
චීනයේ හමුදා බලකායන් සංකල්පය වනුයේ විස්තරාත්මක සහයෝගිතා හා තිරසර ආරක්ෂාව යන්නයි. ඔවුන් තවදුරටත් හමුදාවන් අතර සහයෝගය වැඩිදියණු කර ගැනීමට කටයුතු සිදු කරනවා. ආරක්ෂාව තවදුරටත් තරකිරීමට ඔවුන්ට විශේෂ වූ යාන්ත්‍රණයක් තිබෙනවා. දැන් හමුදාවේ විශ්වාසනීයත්වය තවදුරටත් වැඩිදියුණු කරගන්න සහ තව තව ත් සංවර්ධනය උදෙසා අවශ්‍ය සමකාමී පරිසරයක් නිර්මාණය කරන්න කටයුතු කරනවා. චීනය මෙරට සාමජිය සංවර්ධනය සහ උදෙසා දායකත්වයක් ලබාදෙනවා මෙන්ම හමුදාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට සහයෝගය ලබාදෙනවා. කාලය ගෙවීයන්න යන්න ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවදුරයත් වැඩිදියුනු වෙනවා. චීනයේ හමුදා භටයින් දන්නවා ලංකාව සමග සහයෝගය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය.
ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්, කපිල වෛද්‍යරත්න,
චීනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු හමුදාමය උපකරණ සහ තාක්ෂණය දෙරට අතර ඇති ආරක්ෂක සබඳතා තහවුරු කරනවා. සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු දෙරට අතර ඇති අන්‍යෝන්‍ය සහාය සහ දීර්ඝ කාලීන මිත්‍රත්වය ශක්තිමත් වන මේ 21 වැනි සියවසේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව වර්ධනය වනවා. ශ්‍රී ලංකාවට ලබාදුන් සහයට චීනයට සහ චීන ජනතාවට ස්තූතියි.
චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක දින සැමරුම් උත්සවයට වත්මන් රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද සහභාගි වී සිටියහ.