මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

by Staff writer 24-07-2018 | 10:32 PM

COLOMBO (News 1st) - මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ප්‍රකාශ කළ පරිදි මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව කටයුතු සොයා බැලීමට පත් කළ කමිටුව අද මෙලෙස රැස් ව තිබේ. ඊට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරින් මෙන් ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් ඇතුලු පිරිසක් එක් වූ බව වාර්තා වේ. මරණ දඬුවම නියම වී බන්ධනාගාරගත ව සිට තවදුරටත් එම ජාවාරම්වලට මැදිහත් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් වී ඇතැයි වාර්තා වනු ඇත.