COLOMBO (News 1st) - 2019 / 20 අයවැය යෝජනා සඳහා මානව සංවර්ධනය මැයෙන් අද කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත් විය.
මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුනේ, ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය හා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය එක්වයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න,
අපිට මිලියන 21 ක ජනගහනයක් ඉන්න රටක්, ආසියාවේ සමහර නගරවලත් ඊට වඩා ජනතාව ඉන්නවා. අපිට ලෝක වෙළෙඳපොළට යන්න අවශ්‍යයයි. තනි රටක් ලෙස එය කිරීමට නොහැකියි. රටක් විදිහට අපි තරඟකාරි විය යුතුයි එයයි අපිට ඇති අභියෝගය. අපි දේශපාලඥයෝ අපව පත් කරන්නේ ජනතාව මිනිස්සු වටපිට බලලා කෝ සංවර්ධනය කියලා අහනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ ක්ෂේත්‍රවල දියුණුව පෙන්නේ නෑ හැබැයි පාලමක් හරි පාරක් හරි හැදුවොත් එක පෙනවා. මේක තමයි දේශපාලඥයින්ට ඇති අභියෝගය. මම දන්නේ නෑ ඔබලා දන්නවාද කියලා අපේ ආණ්ඩුව මේ දවස්වල මහාමාර්ග හදනවා පහුගිය ආණ්ඩුව අවුරුදු 10 ට හැදුවට වඩා වැඩියෙන්. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය දුම්රිය මාර්ග මේ සියල්ලම මගේ පෞද්ගලික මතය නම් මහාමාර්ග හදනවාට වඩා මානව සංවර්ධනයට ප්‍රමුඛතාව දිය යුතුයි මොකද රටේ අනාගය වන්නේ එයයි. අපි සැමටම සමානව සලකන සමාජයක් බිහි කළ යුතුයි. කවර ආකාරයේ අධ්‍යාපනයක් ලැබුවත් එය සදාචාර සම්පන්න අධ්‍යාපනයක් විය යුතුයි. හරි වැරැද්ද තොරාගත හැකි විය යුතුයි. මක්නිසාද උගත් හොරුන් නූගත් හොරුන්ට වඩා අතිශය භයානක නිසා