එක්දින තරගාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට

ද. අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට

by Staff writer 24-07-2018 | 6:43 PM

COLOMBO (News 1st) - සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබේ.

දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 5ක් පැවැත්වීමට නියමිත ය. එහි පළමු තරගය මේ මස 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය. ඒ සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් ය. වමතින් දඟ පන්දු යවන නවක ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය එක්දින සංචිතයට කැඳවා තිබේ. මේ අතර දිමුත් කරුණාරත්න, ඉසුරු උදාන, නිෂාන් පීරිස් සහ ජෙෆ්රි වැන්ඩසේ අතිරේක ක්‍රීඩකයින් ලෙස සංචිතයට එක් කර තිබේ. ඒ අනුව සංචිතය මෙසේය. 01 - ඇන්ජලෝ මැතිව්ස් (නායක) 02 - දසුන් ශානක 03 - කුසල් ජනිත් පෙරේරා 04 - ධනංජය ද සිල්වා 05 - උපුල් තරංග 06 - කුසල් මෙන්ඩිස් 07 - තිසර පෙරේරා 08 - නිරෝෂන් දික්වැල්ල 09 - සුරංග ලක්මාල් 10 - ලහිරු කුමාර 11 - කසුන් රාජිත 12 - අකිල ධනංජය 13 - ප්‍රභාත් ජයසූරිය 14 - ලක්ෂාන් සඳකැන් 15 - ශෙහාන් ජයසූරිය අතිරේක 01 - දිමුත් කරුණාරත්න 02 - ඉසුරු උදාන 03 - නිෂාන් පීරිස් 04 - ජෙෆ්රි වැන්ඩර්සේ