by Chathuranga Rajapaksha 24-07-2018 | 7:31 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
දකුණු අප්‍රිකාව සමග ඊයේ නිමාවට පත් වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉනිම හතරේදී, දිමුත් කරුණාරත්න ලකුණු 356 ක් රැස් කළ අතර ඊට ශතකයක් සහ අර්ධ ශතක තුනක් ඇතුළත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.