චීනය සහ ඉන්දියාවෙන් මෙරට සිදු කරන ව්‍යාපෘති

චීනය සහ ඉන්දියාවෙන් මෙරට සිදු කරන ව්‍යාපෘති

by Staff writer 24-07-2018 | 8:12 PM

COLOMBO (News 1st) - මඩකලපුව කිරාන් ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අද පැවැත් විණි.

නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ව්‍යාලේන්ද්‍රන් හා එස්. යෝගේෂ්වරන් ඇතුලු මැති ඇමතිවරු පිරිසක් සහභාගි වූ මෙම රැස්වීමේදී ප්‍රදේශයේ ඉඩම් චීන සමාගම්වලට ලබාදීමේ යෝජනාවක් පිළිබඳව අදහස් පළ විය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ පා.ම, එස්. ව්‍යාලේන්ද්‍රන්,
2016 දී කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම්, චීන සමාගම් කිහිපයකට ලබාදීම සඳහා තීරණයක් අරගෙන තිබෙනවා කියලා මට තොරතුරු ලැබිලා තියෙනවා. මේ ගැන ඔබලා දන්නවා ද?
කිරාන් දකුණ ප්‍රාදේශීය ලේකම්, එස්. රාජ්පාවු,
නෑ... නෑ...
දෙමළ ජාතික සන්ධානයේ පා.ම, එස්. යෝගේෂ්වරන්,
චීන සමාගම්වලට හෙක්ටයාර් 6250 ක් දෙන්න ආණ්ඩුව ගිවිසුම් ගහලා තියෙනවා. ඒ ගිවිසුම්වලට අදාළ ලිපි ලේඛනවල පිටපත් මගේ ළඟ තියෙනවා. 2016 මේ ගිවිසුම ගහලා තියෙන්නේ. තොප්පිගලින් පිටිපස්සේ තියෙන ප්‍රදේශයෙන් හෙක්ටයාර් 2500 ක් අරන් තියෙනවා වනෝද්‍යානයක් හදන්න කියලා. ඒක අරන් දැන් පෞද්ගලික ව්‍යාපාරිකයොන්ටදීලා තියෙනවා. මේකට ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී අනුමැතිය දුන්නෑ. මේ ගැන කවුරුත් දන්නෙත් නෑ. මේ රැස්වීමේදී අපි තීන්දුවක් ගන්නවා මේකට අනුමැතිය දෙන්නේ නෑ කියලා
දෙමළ ජාතික සන්ධානයේ පා.ම, එස්. යාලේන්ද්‍රන්,
මේ ඉඩම් දෙන්න එපා කියලා අපි මෙතනදී තීරණයක් ගන්නවා. චීන සී.අයි.එම්.සී ඉංජිනියර්ස් සමාගම සමග තමයි මේ අය ගිවිසුම් ගහලා තියෙන්නේ. අපේ ප්‍රදේශයේ ඉඩම් රැසක් මේ චීන සමාගම්වලට ගියොත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. වගා කරන්න ඉඩම් නැතිවෙනවා. අනික සත්තුන්ට ආහාර හොයාගන්න තණබිම් නැති වෙනවා.
මේ වනවිට චීන හා ඉන්දීය ආයෝජන ව්‍යාපෘති ණය ආධාර ව්‍යපෘති මෙන්ම හවුල් ව්‍යාපෘති ගණනාවක් රට තුළ ක්‍රියාත්මක වේ. මත්තල, කන්කසන්තුරේ වරාය, කන්තලේ සීනි කම්හල, ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාව සමග ක්‍රියාත්මකයි. ඉදිරියේදී ද්‍රව වායු සැපයුම මෙන් ම විදුලිය සැපයුම් ඉන්දියාව සමග සිදු කිරීමට ද දැනටමත් අවධානය යොමු වී ඇත. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ බලාගාරය, කොළඹ දකුණු වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය තුන්වන අදියර, දකුණු දුම්රිය මාර්ගයේ මාතර හම්බන්තොට කොටස, මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත කෙරවලපිටිය කොටස චීන ව්‍යාපෘති කිහිපයකි.