උසාවි සංකීර්ණයට ආ කාන්තාවක් ළඟ කුඩු පැකට් 22ක්

උසාවි සංකීර්ණයට ආ කාන්තාවක් ළඟ කුඩු පැකට් 22ක්

by Sagarika Chathumali 24-07-2018 | 12:00 PM
COLOMBO (News 1st) ගල්කිස්ස අධිකරණ සංකීර්ණයට පැමිණි කාන්තාවක් ළඟ තිබී හෙරොයින් පැකට් 22 ක් සොයා ගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ, අද පෙරවරුවේ අධිකරණ සංකීර්ණයට පැමිණි එම කාන්තාව පිළිබඳ සැක මතුවීමෙන් පසු පොලීසිය ඇය පරීක්ෂාවට ලක් කර ඇති බවයි. එහිදී ඇයගේ ඇඳුම් අතර සඟවා තිබූ මෙම හෙරොයින් පැකට් තොගය සොයා ගෙන තිබේ. පසුව වැඩිදුර විමර්ශන සඳහා අදාළ කාන්තාව ගල්ලකිස්ස පොලීසිට රැගෙන ගොස් තිබේ. රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇයගේ ස්වාමි පුරුෂයා බන්ධනාගාරතව සිටින්නෙකු බව වාර්තා වේ.