මිලියන 17කට වැඩි විදෙස් මුදල් සමග දෙදෙනෙක් කොටු

රු.මිලියන 17 අධික වටිනා විදෙස් මුදල් සමග ලාංකිකයින් 2ක් කොටු

by Staff writer 24-07-2018 | 7:17 AM
COLOMBO (News 1st) : විදෙස් මුදල් ද ඇතුළුව රුපියල් 17,713,793ක් වටිනා මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, ඔවුන් එම මුදල් නීති විරෝධිව චිනයට රැගෙන යෑමට උත්සහ කිරිමේදී රේගු භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි සහ 32 හැවිරිදි අකුරණ සහ පාමංකඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. මේ සම්බන්ධයෙන් රේගුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.