මැලිබන් වීදියේ ගබඩාවක ගින්නක්

කොළඹ, මැලිබන් වීදියේ ගබඩාවක ගින්නක්

by Staff writer 24-07-2018 | 5:37 PM

COLOMBO (News 1st) - කොළඹ, මැලිබන් වීදියේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගොඩනැගිල්ලේ තෙවන මහලේ ගින්න හට ගෙන ඇති බවයි. එහි ගබඩාවක් පවත්වා ගෙන ගොස් ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 06 ක් මේ වන විට එම ස්ථානයට පිටත් කර හැර ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇත.