ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කාන්තාවන්ට දුන් ණය කපා හැරේ

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කාන්තාවන්ට දුන් ලක්ෂය දක්වා ණය කපා හැරේ

by Staff writer 24-07-2018 | 6:00 PM

COLOMBO (News 1st) - පෞද්ගලික මූල්‍ය ආයතනවලින් ලබාගත් කුඩා පරිමාණයේ ණය මුදල් සඳහා සහන සැලසීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

ඒ පිළිබඳව අනාවරණ කළේ එම රැස්වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතායි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, තීන්දුවක් ගත්තා අර කුඩා පරිමාණයේ පුද්ගලික මූල්‍ය ආයතනවලින් ලබාදීලා තිබෙන ණය විශේෂයෙන්ම නියඟයෙන් පීඩා විදිච්ච ජනතාවට ඒ ණය සහන ක්‍රමයකට කපා හරින යෝජනාව අද සම්මත වුනා. පළවෙනි අදියර හැටියට උතුර ඇතුලු නියඟයෙන් පීඩා විදිච්ච බල ප්‍රදේශවලයි ක්‍රියාත්මක කරන්නේ ඒ කියන්නේ එතකොට ඒක දිස්ත්‍රික්ක ගණනාවක් උතුරටවත් නැගෙනහිරටවත් සීමා නොවේ දිස්ත්‍රික්ක ගණනාවක ඒක ක්‍රියාත්මක වෙනවා
මේ අතර නිවේදනයක් නිකුත් කරන මුදල් අමාත්‍යංශය පැවසූවේ, නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂූද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාදුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි. ඒ අනුව එවැනි ආයතන කාන්තාවන්ට ලබාදී ඇති රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් කපා හැරීමට රජය තීරණය කර ඇත. මුදල් අමාත්‍යංශය පැවසූවේ, දිස්ත්‍රික්ක ‍12 ක කාන්තාවන් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ලබා ගෙන තිබූ පරිභෝජනය සඳහා නොවන ණය කපා හැරෙන බවයි. ඊට අදාළ දිස්ත්‍රික්කවන්නේ ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර හා පොළොන්නරුව යි. කපා හැරෙන ලක්ෂය දක්වා වූ ණය මුදල් මහා භාණ්ඩාගරය මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙත ප්‍රතිපූර්ණය කෙරෙනු ඇති.