එක්දින පුහුණු තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

එක්දින පුහුණු තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

by Staff writer 24-07-2018 | 9:16 AM
තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන නිල නොවන පුහුණු එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කළේ ය. තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 29 වන දා ආරම්භ වේ. ඊට සමගාමීව පැවැත්වෙන නිල නොවන පුහුණු තරගය එළඹෙන 29 වන දා කොළඹ පී. සාරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ධනංජය ද සිල්වා (නායක) දිමුත් කරුණාරත්න දසුන් ශානක ශෙහාන් ජයසූරිය අසේල ගුණරත්න ඉසුරු උදාන මිනෝද් භානුක ප්‍රභාත් ජයසූරිය අසිත ප්‍රනාන්දු බිනුර ප්‍රනාන්දු නිශාන් පිරීස් ළහිරු මිලන්ත, ලසිත් ඇඹුල්දෙනිය හා ශෙමාන් මධුශංකද අතිරේක ක්‍රීඩකයින් ලෙස මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.